26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

බඩු මිල ඉහල යාමෙන් ආණ්ඩුව ගැන ජනතා බලාපොරෝත්තු ගිලිහිලා…

77වන නිදහස සමරන මෙම අවස්ථාවේ ශ්‍රිලංකාවේ ජිවත්වන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, සියළුම දෙනා එකම කොඩියක් යටතේ එකට ජිවත් වියයුතුයි කියන එකයි අපගේ එකම පැතුම බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක ‍පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.

ඔහුගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

77වන නිදහස් දිනය වන විට මේ රටේ දුප්පත් මිනිසුන්ට නිදහස තියෙනවාද කියන එක හිතලා බලන්න ඕනි අද තියෙන තත්වය මත දුප්පත් මිනිසුන්ට  නිදහසේ කාලා බිලා ජිවත්වෙන්න ක්‍රමයක් නැහැ මොකද බඩු මිල දිනෙන් දිනම ඉහල යාමත් සමග.

එම තත්වයන් පිලිබදව මේ රජය යම් කිසි සොයා බැලිමක් කල යුතුයි මෙසේ බඩු මිල ඉහල යාම පිලිබදව අපි මේ රජයටම දොස් පවරන්නේ නැහැ නමුත් මේ රටේ ජනතාව මේ අයට ඡන්දය ලබා දුන්නේ තමන්ට යම් සහනයක් ලැබෙයි කියා එත් අද දිනෙන් දිනම බඩු මිල ඉහල යාමෙන් ජනතාවගේ එම බලාපොරෝත්තු ගිලිහිලා තියෙන්නේ.

මෙම තත්වයන් පිලිබදව මේ රජය යම් අවදානයක් යොමු කරලා ජනතාවගේ සුභ සිද්දිය උදෙසා මෙසේ දනෙන් දින ඉහල යන බඩු මිල අඩු කරලා මේ ජනතාවට යම් සහනයක් ලබා දිමට පියවර ගන්නේ නම් එය මේ දුප්පත් ජනතාවට ලබා දෙන සැබැ නිදහසක් වෙයි.

Related posts

සරත් ෆොන්සේකාට විශ්වාසභංගයක්-තීරණේ අද

Shiran Viraj

හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…

Shiran Viraj

වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට මිලියනය ඉක්මවූ දඩයක්….

Shiran Viraj
Translate »