2026-09-04
mediahumanrights.lk
NewsPolitical

රනිල් 85%ක් ගන්නවා..

එළැඹෙන ජනාධිපති මැතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කය ප්‍රකාශිත ඡන්දවලින් 85% ප්‍රතිශතයක් ලබා ගනිමින් නුවර එළිය දිස්ත්‍රික්කයේ විශිෂ්ට ජයක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාගන්නා බවත්, සමස්ත රටේ ඡන්ද ප්‍රතිඵලය එයට සාපේක්ෂ වන බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පා.ම. එස්.බී. දිසානායක මහතා පැවැසීය.

එස්. බී. දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑළිය මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමෙන් කටයුතු කරන ක්‍රියාකාර් සංවිධායකවරුන්ට ඉදිරි මැතිවරණයේ සැලසුම් පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී 26 දින දැනුවත් කිරීමේ වැඩසටහනින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී. දිසානායක මහතා කියා සිටියේ.

“මේ පාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ එකොළොස් දෙනකු හැරෙන්න අනිත් සියලු දෙනාම ඉන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක. ඒත් එක්කම අපිත් සමඟ එකතුවෙලා ඉන්නවා එක්සත් ජාතික පාක්ෂිකයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය.
මේ වෙග කොට දිගම්බරම් මන්ත්‍රීවරයාගේ පක්ෂයත් දෙකට කැඩිලා තියෙන්නේ. ඔවුන්ගේ ක්‍රියා කලාපයට අකැමැති අය අපිත් එක්ක කතා කරලා තියෙනවා.

මන්ත්‍රීවරුන් එකොළහක් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳ ගන්නට සුදානම් වෙලා සිටිනවා. ඔවුන් හෙට අනිද්දා අපිත් එක්ක එකතු වෙන්නට නියමිතයි.

මේ හැම දේ එක්කම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු වෙලා තියෙන්නේ. අපි අනිවාර්යයෙන්ම 85%ක ජයග්‍රහණයක් අත්කර ගන්න එක ඉර හඳ වගේ විශ්වාසයි”

– Reporter

Related posts

ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක මේ කොලේ ලස්සනට තියෙනවා..- රැට්ටා

Shiran Viraj

ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනය මුහුදේදී කලුකොඩි විරෝධතා…

Shiran Viraj

ලක්ෂ 30ක මෙරට උගත් ජනතාව වර්තමානයේ ජීවත් වෙන්නේ විදේශ රටවල

Shiran Viraj
Translate »