28 C
Colombo
2026-08-14
mediahumanrights.lk
Local NewsNews

අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට – අධ්‍යාපන අමාත්‍ය

අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියම කර තිබු දිනවල පැවැත්වෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අද (01) හෝ හෙට (02) ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය යටතේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 50ක් පමණ පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජනාවාරි මස 18 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

එම දිනවල දී විභාගය පැවැත්වෙන්නේ ද ? නැද්ද ? යන්න පිළිබඳව කඩිනමින් ප්‍රකාශයක් සිදුකරන බව අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳ අදහස් දැක්වු අමාත්‍යවරයා,

“සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හය ලක්ෂ 21 දහසක් පෙනී සිටිනවා. ඒ විභාගයට දිනත් නියම කරලා තියෙනවා. 2021 ජනවාරි 18 වන දා සිට 27 දක්වා. ඒ සම්බන්ධයෙන් තියෙන ගැටලුව තමයි මේ රටේ පාසල්වලින් සියයට 50ක පමණ 11 ශ්‍රේණියේ පන්ති පැවැත්වෙන්නේ නෑ. නමුත් මේ සියලු ළමයින් පෙනී සිටින්නේ පොදුවේ එකම විභාගයකට. එම නිසා තවදුරටත් මෙම ළමයි සැකයක තියන්න බෑ. ඒ නිසා දින දෙකක් තුළ මේ සම්බන්ධයෙන් අදාළ කේෂ්ත්‍ර සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විභාගය පැවැත් වීමට නොහැකි නම් පවත්වන අලුත් දිනය නියම කරන්නේ ඒ ළමයින්ට විභාගයට සුදානම් වීමට සති 6ක් දීලා.“

ada derana

Related posts

සිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්

Shiran Viraj

ලක්‍ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මත

Shiran Viraj

චමුදිත අපරාධ කොට්ඨාශයට කැදවයි.. ඔහුට විරුද්දව පැමිණිලි දෙකක් චන්දිමාල් හා පියුමිගෙන්…

Shiran Viraj
Translate »