2026-01-13
mediahumanrights.lk
NewsSportsSports News

ක‍්‍රිකට් බලන්න පේ‍්‍රක්‍ෂකයන් නාවේ කලින් පැරදුනු නිසා නොවෙයි.. ජනතාවට ප‍්‍රශ්ණ නිසා..- වනිදු

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාවේ කණ්ඩායම අතර පැවැති එක්දින තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් ඉතාම අඩුවෙන් සහභාගි වූයේ කලින් තරග පරාජය වූ නිසා යැයි තමන් විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසරංග සඳහන් කරයි.

රට තුළ ඊටත් වඩා ජනතාවට දැනෙන ප්‍රශ්න ඇති නිසා තරගාවලිය නැරඹීමට නොපැමිණෙනට ඇතැයි තමන් සිතන බවද ඔහු පැවසීය.

රට තුළ බොහෝ ප්‍රශ්න ජනතාවට තිබියදී පාර්ලිමේන්තුවේද ක්‍රිකට් පිළිබඳව විශාල වශයෙන් මෑත කාලයේදී කතාබහට ලක් වූ බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ සිම්බාවේ කණ්ඩායම සමග පැවති තුන්වන හා අවසන් එක්දින තරඟය ජයග්‍රහණයෙන් පසුව පැවති මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

මහනුවර භුචලනයක් : රිච්ටර් මාපකයේ ඒකක 2.5ක අගයක් ලෙස සටහන් වෙයි

Shiran Viraj

වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

Shiran Viraj

වසන්ත ඔබේසේකරයන් දිවි සිනමාවෙන් බැස යයි

Shiran Viraj
Translate »