mediahumanrights.lk
Local News News

යතුරුපැදියෙන් පිම්මෙ ගිය තරුණයින් දෙදෙනාගේ මළසිරුරු ඇලකින් හමුවෙයි…

කිලිනොච්චිය, කෝවින්දන් කඩමංසන්ධිය අසල පිහිටි වාරි අ‍ැළ මාර්ගයක තිබී මියගිය තරුණයින් දෙදෙනකුගේ මළසිරුරු දෙකක් අද (14) අලුයම සොයාගත් බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.

ප්‍රදේශවාසියෙකු අදාල මළසිරුරු දැක කිලිනොච්චිය පොලිසියට ලබාදුන් තොරතුරක් මත අදාල ස්ථානයට ගොස් සිදුකළ පරීක්ෂාවකදී තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයාගත් බව පොලිසිය පැවසීය.

සොයාගත් මළසිරුරු පරික්ෂා කිරීමේදී එලෙස මියගොස් අ‍ැත්තේ කිලිනොච්චිය, අලහපුරි පදිංචි දයාලන් තනුසන් (20) ක්‍රිෂ්ණන් සදෙසන් (18) නැමති තරුණයින් දෙදෙනෙක් බවට හඳුනාගනු ලැබීය.

මියගිය තරුණයින් දෙදෙනා ඊයේ (13) දින රාත්‍රියේ යතුරු පැදියෙන් අධික වේගයෙන් ගමන් කරමින් සිටියදී ඒහි වේගය පාලනය කරගැනීමට නොහැකිව අ‍ැළට වැටී තරුණයින් දෙදෙනා දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වන්නට අ‍ැති බවට පොලිසිය සැකපලකරයි.

ඔවුන් දෙදෙනා පැදවූ පැදියද අ‍ැළ මාර්ගයේ තිබී සොයාගන ඇති අතර කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

වැලිකඩ බන්ධනාගාර ගැටුම- නන්දිමාල්ගේ නිවසට වෙඩි ප්‍ර‍හාරයක්

Shiran Viraj

රුපියල් 5000 දිමනාව නොනුදුන්නැයි සමෘද්ධි නිලධාරියාට ගුටි අනී..

Shiran Viraj

වී ගබඩාව එපා කියන මීතොටමුල්ලේ විපතට පත්වූවන් අලුත් යෝජනාවට එකඟයි

Shiran Viraj