26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

පෙන්ෂන් ගිය දොස්තරලා යලි සේවයට…

වෛද්‍යවරුන් විදේශගත වීම හේතුවෙන් පුරප්පාඩු පවතින රෝහල්වල සේවය කිරීමට විශ්‍රාම ගොස් සිටින වෛද්‍යවරුන් වූ වහාම සේවයට කැදවිය යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

දැනට විශාල පුරප්පාඩු ප්‍රමාණයක් පවතින කරාපිටිය රෝහලේ සේවය කිරීමට විශ්‍රාමික වෛද්‍යවරුන් කැදවිය යුතුව ඇති බව ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ පැවැති සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පිළිබඳ විවාදයේ දී ය.

මෙම තත්ත්වයෙන් දේශපාලන වාසි ගැනීමට කිසිවකු කටයුතු නොකල යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදු විශ්වාස භංග යෝජනාවක් සම්මත වී නැති බවත් ඉන්දියාව සහ හොංකොං වල ද තත්ත්වය එසේ බවත් පැවසූ ඔහු වර්තමානය ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ද ඡන්දයක් නොගෙන අත්හිටුවීම වඩා සුදුසු දේ බවත් පැවසීය.

Related posts

වවුචර වෙනුවට දේශීය පාසල් පාවහන් ලබාදීමේ නියමු ව්‍යාපෘතිය අද සිට ඇරඹෙයි

Shiran Viraj

මං SLPL ගහන්නෑ.. දඹුල්ල කණ්ඩායම එක්ක පොටෝෂූට් එකක් කලා…- රෝහිත

Shiran Viraj

මැතිවරණ බිය මුල්‍ය වෙලදපල කළඹයි.. භාණ්ඩාගාර බිල්පත් ගන්න කිසිවෙකු නෑ.. රාජ්‍ය වියදම අවුලෙන් අවුලට..

Shiran Viraj
Translate »