2026-09-24
mediahumanrights.lk
Local NewsNews

විදුලිය කපන්න ගිය නිලධාරීන්ට මන්ත‍්‍රී පොල්ලෙන් ගසා පන්නයි…

හැටන් පොලිස් වසමට අයත් හැටන් දික්ඔය වනරාජා වත්තේ වසර කාලයක් තිස්සේ විදුලි බිල නොගෙවිම නිසා එම නිවසට ලබා දි තිබු විදුලි සම්බන්ධතාවය විසන්ධි කිරිමට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට පාරිභෝගිකයා සහ ඔහුගේ බිරිද විසින් තමන්ට (07) දින පහර දි තමන් සතුව තිබු ටැබ් යන්ත්‍රය පැහැරගත් බව පවසමින් එම සේවකයා විසින් හැටන් පොලිසියට (07) දින පැමිණිල්ලක් කර ඇත.

ගිනිගත්හේන ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවය කරන විදුලිය විසන්ධි කිරිම සහ සම්බන්ධතාවය ලබාදෙන නිලධාරියා තවත් අයෙකු සමග (07) දින පාරිභෝගිකයාගේ නිවසට ගොස් වසරක පමණ කාලයක්  රු 12000/= ආසන්න විදුලි බිල ගෙවා නොතිබිම නිසා එම මුදල ගෙවන ලෙසට ඉල්ලිමක් කර ඇත.

එම අවස්තාවේ උරණ වු එම නිවසේ පදිංචි අවු 35 වයසැති තිදරු පියා තමන් නගර සභා මන්ත‍්‍රීවරයෙකු බව කියමින් තමන්ගේ රාජකාරියට බාධා කරමින් තමන්ට පහර දුන් බවත්, එම අවස්තාවේ කෙසේ හෝ එම නිවසට ලබා දි තිබු විදුලි සම්බන්ධතාවය විසන්ධි කල බවයි විදුලි බල මණ්ඩලයේ පහර කැමට ලක් වුවේ යැයි කියන සේවකයා හැටන් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.

විදුලි බල මණ්ඩලයේ නිලධාරින් පිරිසක් තම නිවසේ විදුලි බලය විසන්ධි කිරිමට පැමිණ අවස්තාවේ තමන් ඒ පිලිබදව කරුණු විමසු අවස්තාවේ විදුලි බල මණ්ඩලයේ නිලධාරියා විසින් තමන්ට සහ බිරිදට පහර දුන් බව පවසමින් එම නිලධාරියාද හැටන් පොලිසියට (07) දින පැමිණිල්ලක් කර ඇත.

දෙපාර්ශවයේම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

රවි කරුණායක අන්තිමයි.. ඔහු ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අසාර්ථක මුදල් අමාත්‍යවරයෙක්..- IMF කියයි..

Shiran Viraj

මොණරාගලත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්.. 68ක් නිරෝධායනයට..

Shiran Viraj

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න…. පොහොර හිගයි කියා යල කන්නය අතහරින්න එපා…

Shiran Viraj
Translate »