mediahumanrights.lk
Local News News

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පොලිසියට තග දමා නිලධාරියෙක් සිරකරගෙන.. දුරකතනයක් පැහැරගෙන…

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා අදහස් පල කරයි.

ඔහු පවසන්නේ අදාළ බුද්ධි නිලධාරියා මන්ත්‍රීවරයාට තම හැදුනුම්පත නොපෙන්වූ බවට එල්ල කරන චෝදනාව අසත්‍ය බවයි.

ඉන් අනතුරුව ඒ බහින්බස් වීමක් සිදුවී පොලිස් නිලධාරීන් රඳවා ගැනීමට මන්ත්‍රීවරයා ඇතුළු පිරිස කටයුතු කර ඇති බව ද මන්ත්‍රීවරයාගේ කණ්ඩායම විසින් පොලිස් නිලධාරින් සතුව තිබූ දුරකථනයක් පැහැර ගැනීම සිදුකර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ඒ අනුව කිලිනොච්චිය පොලිසිය විසින් සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කෙරෙමින් ඇති බව ද තල්දූව මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු එම අවස්ථාවට සහභාගි වූ සියලු දෙනාටම අදාළ චෝදනාව එල්ල වන බවත් පොලිස් මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ඉරාජ්ගේ සිංදුව දෙමළ කොපියක් නෙමෙයිලු – ඇත්ත කතාව මෙන්න- දෙමළ ගීතයේ විඩියෝවත් ලගදීම

Shiran Viraj

ධනුෂ්කගේ ප‍්‍රශ්ණයට මා සම්බන්ධ කිරීමෙන් ජාතියේ ප‍්‍රතිරූපය තවත් කෙලෙසෙනවා..

Shiran Viraj

ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…

Shiran Viraj