27.8 C
Colombo
2026-07-04
mediahumanrights.lk
BusinessBusiness NewsNews

උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහලට…

දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව  එලවළු ව්‍යාපාරිකයන් කියා සිටියි.

දිවයින පුරා පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාවට දැඩි බලපැමක් එල්ල වු නිසා මේ දිනවල ඉල්ලුමට සරිලන සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි විම හමුවේ එලවළු මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

එලවළු මිලට සමගාමිව දේශිය වෙලදපොලේ රතු ළුණු කිලෝවක් රු 800 දක්වා ඉහල ගොස් ඇත.

මේ අනුව කැරට් කිලෝවක් රු 350 , ගෝවා රු 280 , බෝංචි රු 450 , වම්බටු රු 350 , ලික්ස් රු 270 , දේශිය අර්තාපල් රු 350 , වට්ටක්කා රු 250 , මුරුංගා රු 240 , පතෝල රු 350 , වැටකොළු රු 320 , බිට්රුට් රු 250 , දඹල රු 300 , බණ්ඩක්කා රු 320 , අමු මිරිස් රු 400 , නයි මිරිස් රු 1000 , තත්කාලි රු 400 , මල්ගෝවා රු 650 , පොලොස් රු 120 , මඤ්ඤොක්කා රු 130 , බතල රු 180 , පිපිඤ්ඤා රු 150 සිල්ලර මිලකට අලෙවි කරයි.

තම වෙලදපොලේ දෛනික අලෙවිය සදහා එලවළු මිල දි ගැනිමට විශාල මුදලක් වැය වන බවත්, එම මුදලට සමගාමිව තමන්ට ලැබෙන ලාභ ප්‍රතිශතය ඉතාමත් අඩු බවයි එලවළු ව්‍යාපාරිකයන් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Related posts

පාසල් සිසුවියක් දුෂණ කල ගුරුවරයෙකුට වසර 12ක සිර දඩුවම්…

Shiran Viraj

අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වෙයි!

Shiran Viraj

අලි සබ්රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වේ…

Shiran Viraj
Translate »