31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

තෙවැනි පාසල් වාරය අද ඇරැඹේ

2017 අධ්‍යයන වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරය අද(06) ආරම්භ වෙයි.
ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා යොදාගන්නා  පාසල් 05ක් හැර අනෙකුත් පාසල් මෙලෙස අද දින තෙවන පාසල් වාරය ආරම්භ කරනු ඇත.
මුස්ලිම් පාසල්වල තෙවල පාසල් වාරය මේ මස 11 වන සඳුදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.
මේ අතර විභාග දෙපාර්තමේන්තුවේ අත්තනෝමතික ක්‍රියාවක් හේතුවෙන් මහනුවර ප්‍රධාන පෙලේ පාසල් දෙකක සිසුන් හා ගුරුවරුන් අපහසුතාවයට පත්වී ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
මෙවර පවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථානයක් ලෙස තෝරාගෙන තිබූ මහනුවර විහාර මහාදේවි බාලිකා විද්‍යාලය පසුව එය මහනුවර ඩී.එස් සේනානානායක විද්‍යාලය ලෙස වෙනස් කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව සඳහන් වෙයි.
නමුත් අදාළ ඇගයීම් මධ්‍යස්ථානය ලෙස නැවතත් මහනුවර විහාර මහාදේවි බාලිකා විද්‍යාලය තෝරාගැනීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙහිදී අදාළ පාසල් දෙකෙහි සිසුන් හා ගුරුවරුන් අපහසුතවයට පත්වී ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

දලදා මාලිගාවෙන් කියා මුදල් ගරන ජාවාරමක්..

Shiran Viraj

ලෝක ආහාර වැඩපිළිවෙලෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

Shiran Viraj

නව ආයෝජන කැදවා ශ්‍රී ලන්කන් ලාබ හොයන්නැයි ජනපති දන්වයි…

Shiran Viraj
Translate »