2026-02-25
mediahumanrights.lk
Local NewsNews

ගුවන් යානා තෙල් ඇත්තේ උපරිම දින 10කටයි…

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන හා පිටව යන ගුවන් යානා සඳහා දෛනිකව අවශ්‍ය වන ගුවන්යානා ඉන්ධන ප්‍රමාණවත් නැතැයි විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

දැනට ගබඩාවල ඇති ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින 10ක් උපරිම සති දෙකක කාලයකට බවද හෙතෙම පැවසීය.

එනිසා ගුවන්යානා ඉන්ධන ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍යවරයා තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

Related posts

ඩොලරය යළිත් ඉහළ යයි

Shiran Viraj

Unity Plaza තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් කෙරේ…

Shiran Viraj

කෝලි..යුවරාජ්..ශුරයන්ගේ කුසලාන 'අවසන් තරගය පාවා දුන් බවට' චෝදනා

Shiran Viraj
Translate »