28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

රාජ්‍ය අධ්‍යාපනය කප්පාදුවට! ගුරු විද්‍යාල කිහිපයකුත් වැසිලා

ඉකුත් වසර 06 තුළ දී උසස් පෙළ සමත් සිසුන්ගෙන් විද්‍යා විෂය සඳහා සරසවිවලට බඳවා ගත් ප‍්‍රමාණය කප්පාදු කර ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය කේ.කේ.අයි.යූ අරුණ කුමාර පවසනවා.
අධ්‍යාපනය වෙනුවෙන් රජයේ අනුග‍්‍රහය වැඩි කළ යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි අධ්‍යාපන මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු ආචාර්ය ප‍්‍රිමාල් ප‍්‍රනාන්දු පැවසුවේ රාජ්‍ය අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවයි.
මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ ගුරු විද්‍යාල කිහිපයක් ද මේ වනවිට වසා දමා ඇති බවයි.
අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලූ පාර්ශව එක් කරගනිමින් රජයට බලපෑම් කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා.
(under the courtesy of nethfm news web)

Related posts

සන්නස්ගලගෙන් විරෝධතාකරුවන් පුහුණුකරන මධ්‍යස්ථානයක්.. වීඩියෝවක් එලියට

Shiran Viraj

සිරිකොතේ බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක..

Shiran Viraj

අකර්මණ්‍ය වූ හදවතක් පැයක් තුල යළි පණ ගැන්වීමට හැකි වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයි

Shiran Viraj
Translate »