28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
NewsPolitical

හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..

ආණ්ඩුව කුමක් කීවද තාමත් රටේ දේශපාලන ස්ථාවර භාවයක් නොමැති නිසා ණය ගැනීමට පෙර දේශපාලන ස්ථාවර භාවය ඇති කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට විසඳුම් ණය මුදලක් ලබා ගැනීම නම් එය සිදු කිරීමට නම් රටේ විශ්වාසනීය පාලනයක් ස්ථාපිත කළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

තවද ණය කල් දමා ගැනීමත් විදේශ ශ්‍රමිකයන්ගේ ඩොලර් වැඩිපුර ගැනීමත් කළ යුතු බවද කී ඔහු කොතරම් අත්‍යවශ්‍ය වුවත් රටේ හොරු සිටින තාක් ජනතාව ඩොලර් එවීමෙන් වළකින බවද කියා සිටියේය.

වෙනදා මසකට ඩොලර් මිලියන 600ක් ලැබෙන විදේශගත ආදායම දැන් මිලියන දෙසීයක ට අඩු වී ඇතැයි ද පැවසූ ඔහු විශ්වාසවන්ත පාලනයක් විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටින බවද පැවසීය.

Related posts

මන්ත‍්‍රීවරයෙක් ඇමති ලේකම්වරයෙකුට පොලිසිය තුලදී ගුටි දෙයි..

Shiran Viraj

සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..

Shiran Viraj

ඇඳිරි නීතිය ගැන විශේෂ නිවේදනයක්

Shiran Viraj
Translate »