2026-07-03
mediahumanrights.lk
NewsPolitical

අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා…- අනුර

මහ බැංකුව හොරාකාපු රනිල් වික්‍රමසිංහ හෝ කෝටිපති ධම්මික පෙරේරා මේ රට ගොඩගනියි කියා කාට හෝ බලාපොරොත්තුවක් තිබෙනවා නම් එය විහිළුවක් යැයි ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.

කෝටිපතියෙක් ඇමැතිකමක් භාරගත්තද ඔහුගේ මුදල්වලින් ඔහු ජීවත් වෙනවා මිස කිසිසේත්ම ඒවා රටේ ජනතාව වෙනුවෙන් වෙන් නොකරන බවද මන්ත්‍රිවරයා කීය.

“අලියගෙ වලිගෙ එල්ලී දිව්‍ය ලෝකෙ ගියා” සේ යම් කෙනකුට තනිව රට ගොඩගත නොහැකි බවද යාපනයේ පැවැති දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු පැවැසීය.

අපේ මානව සම්පත, අපේ හැකියාවන් ඒ වගේම සිංහල, දෙමළ ඩයස්පෝරා මේ සියල්ල එක්කාසු කොට තමයි අපිට රට බේරගන්න පුළුවන්. එහෙම නැතිව තනි කෙනකුට රටක් ගොඩගන්න බැහැ.

“අපිට අගමැතිකම දෙනවා නම් අපිට කැමැති කැබිනට් මණ්ඩලය පත් කරගන්න අවස්ථාව දෙනවා නම් අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරත්වයක් ගොඩනඟලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තිබෙනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

අනුරාධා හේරත්
මව්බිම

Related posts

රේගුව මුදා හැරපු කන්ටේනරයක තිබූ කුකුල් තෙල් ලීටර් 210ක් සොරා ගෙන යකඩ ප්ලේට් පුරවලා

Shiran Viraj

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ අනතුරෙහි වගකීම ජනපති බාරගත යුතුයි

Shiran Viraj

ලංකාවේ නව කොරෝනා රැල්ලක් නෑ..

Shiran Viraj
Translate »