28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsPolitical

ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව…

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එළඹෙන සතියේ පාර්ලිමේන්තු වැඩසටහන් සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙම හමුවේ දී මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු විය.

විදුලි බල ගැටලුව නිරාකරණය කිරීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම මෙන්ම අපනයන ආර්ථිකය වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහි දී  සාකච්ඡා විය.

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අනාගතයේ වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

රටේ අපනයන ආදායම ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී විශේෂ පැහැදිලි කිරීමක් කළේය.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරු ඇතුළු කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු, සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන, ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Related posts

අලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….

Shiran Viraj

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්

Shiran Viraj

විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති

Shiran Viraj
Translate »