mediahumanrights.lk
Local NewsNews

සියළුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවතට…

පවතින ඉන්ධන හිගය මත පෞද්ගලික බස් රථ ධාවනය බරපතළ ගැටලුවකට ලක්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි දින දෙකක කාලයෙන් පසුව පෞද්ගලික බස්රථ සියල්ල ධාවනයෙන් ඉවත් කිරීමට සිදු ඇති බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

“ඩීසල් අර්බුදය බරපතළ විදියට පෞද්ගලික බස්රථවලට බලපාලා තියෙනවා. ඩීසල් ලැබෙන්නේ කවදාද කියලා අපට යම් ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ඉදිරි දින දෙක තුන තුළ හම්බෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. කෙසේ වෙතත් සඳුදා දිනය වෙන විට බස්රථ සම්පූර්ණ ධාවනය අපිට නවත්වන්න සිදුවේවි. මොකද අපිට ඩීසල් තියෙන්න ඕනේ බස් ධාවනය කරන්න. ඩීසල් නැතුව වතුරෙන් අපිට බස්රථ ධාවනය කරන්න බෑ. ලංගම යෙන් ඩීසල් ලබාදීම පැහැර හැරලා තියෙනවා. මට දැනුම්දුන්නා විශේෂයෙන්ම යම් යම් බස් නැවතුම්පොළවල උද්ඝෝෂණ කරන්න සැලසුම් කරලා තියෙනවා.”

Related posts

විමල් වැලිකඩ හිරේ උපවාසයක් අරඹයි

Shiran Viraj

'එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ නව ව්‍යාපාර 225ක්

Shiran Viraj

මුදල් ගෙවා නැති බොරතෙල් නෞකාවක් දින 54ක් මුහුදේ..

Shiran Viraj
Translate »