mediahumanrights.lk
NewsPolitical

මානව හිමිකම් කවුන්සලයෙන් නිර්දේශ 177 ක් අරන් හර්ෂ ලංකාවට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්වකාලාවර්ත සමාලෝචන සැසියේදී ශ්‍රී ලංකාව නිර්දේශ 177ක් පිළිගෙන තිබේ.
මෙවර සර්වකාලාවර්ත සමාලෝචන සැසියේදී රටවල් 90ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්දේශ 230ක් ඉදිරිපත් කරනු ලැබිණි.
අදාළ නිර්දේශ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉන් 177ක් පිළිගැනීමට තීරණය කළ බව එම සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායමේ නායක නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේය.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්වකාලාවර්ත සමාලෝචන සැසිය ඊයේ දිනයෙන් අවසන් වූ අතර එහිදී ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.
ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී බොහෝ රටවල් සිය ප්‍රසාදය පළ කල බව හර්ෂද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ඥානසාර හිමිට ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙපයි.. ජම්පර සමග පෙරටම..

Shiran Viraj

රවී ගෙන් ශ්‍රීලනිප ඇමතිවරුන්ට ප්‍රහාරයක් (වීඩියෝ)

Shiran Viraj

මැතිවරණ අල්ලස් ලබාදීම ඉහළට…

Shiran Viraj
Translate »