2026-08-15
mediahumanrights.lk
Local NewsNews

අකුරැස්සේ දෙදෙනෙකුට කොරෝනා.. 60ක් නිරෝධායනයට..

අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ මෙම හමුදා නිලධාරීන් දෙදෙනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ දෙදෙනෙකු බවයි.

ඒ නිසා ඔවුන් දෙදෙනා නැවතත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ඔවුන් දෙදෙනා ගේ සමීපතම ආශ‍්‍රිතයන් වූ පවුල් දෙකකට අයත් අටදෙනෙකු නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

ඔවුන් සමග ගනුදෙනු කරන ලද තවත් 50 ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකරනු ලද බවත් ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පන්සලට දානය රැගෙන ගිය පුද්ගලයෙකුට කොරෝනා..විහාරාධිපති හිමි සියල්ල හෙළිකරයි.

Shiran Viraj

ලුණු මිල 200 ඉක්මවා ඉහලට..

Shiran Viraj

ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ

Shiran Viraj
Translate »