mediahumanrights.lk
Local NewsNews

උතුරු ධීවරයින්ට පහරදුන් ඉන්දීය ධීවරයින් 21 ක් සමග ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට…

යාපනය වඩමාරච්චි නැගෙනහිර සක්කොට්ටෙයි මුහුදු තීරයේදී උතුරු ධීවරයින්ට පහරදී දැල් ආම්පන්න විනශා කොට පාල ගිය ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකකට අයත් ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

අදාල ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා උතුරු ධීවරයින් විසින් වටකොට ඒ පිළිබඳව උතුරු නාවික විධානයට දැනුම් දී ඇති අතර පසුව උතුරු ධීවරයින්ගේ යාත්‍රාවන්ට පහරදී පලායාමට උත්සහ ගත් ඉන්දීය ධීවරයින්ගේ ට්‍රෝලර් යාත්‍රාවන් පසුපස නාවික හමුදාව ලුහුබැඳ ගොස් ට්‍රොලර් යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගනු ලැබීය.

පසුගිය දින කිහිපය පුරාම උතුරු මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයින් විසින් උතුරු ධීවරයි්ගේ ධීවර යාත්‍රාවලට හානි කිරීම සහ දැල් ආම්පන්න විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට විරෝධය පාමින් විරෝධථා රැසක් සංවිධානය කොට තිබූණි.

මේ අතර අත්අඩංගුවට පත් ඉන්ධීය ධීවරයින් 21 දෙනා කන්කසන්තුරෙයි නාවික හමුදා කඳවුරට රැගෙන ඒමෙන් පසුව වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ධීවර හා ජලජසම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

සා/පෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ දිනයක්

Shiran Viraj

අලුත් ආණ්ඩුවක්.. අගමැති සජිත්… පක්‍ෂ කිහිපයක් එකගයි..

Shiran Viraj

67 මහලෙන් වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක මරුට…

Shiran Viraj
Translate »