mediahumanrights.lk
Local NewsNewsPolitical

අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑ

උත්සව සමයේ වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල හිඟයක්  නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
වෙළඳපොළ තුළ  සහල් හිඟයක් පවතින බවට පැතිර යන වාර්තාවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයාබැලීම සඳහා අද (07) පෙරවරුවේ පිටකොටුව ප්‍රදේශයේ නිරීක්ෂන චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ද එක්ව සිටි බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.
එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා තොග වෙළඳසැල් හිමියන්ගෙන් සිදුකළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ එම වෙළඳසැල්වල කිසිඳු සහල් හිඟයක් නොමැති බවයි.
ආනයනික සහල් සඳහා රජය බදු අවම කර ඇති බැවින් ඉතා පහල මිල ගණන් යටතේ සහල් වෙළඳපොළට නිකුත් කරන බවද වෙළඳසැල් හිමියන් ප්‍රකාශ කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

සන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්

Shiran Viraj

An entrepreneur shares 20 tips for traveling for free

Shiran Viraj

New York's first women-only boxing club is here

Shiran Viraj
Translate »