27.7 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNews

මෙම Lockdown කාලයේදී 5000ක් නෑ.. 2000යි..

මෙවර රට වසා දමා ඇති කාලයේදී අඩු ආදායම් ලාභීන් සඳහා රුපියල් 5000ක් ලබාදීමට හැකියාවක් ඇතැයි තමන් නොසිතන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නමුත් රුපියල් 2000ක් පමණ දීමනාවක් ලබා දිය හැකි යැයි තම අදහස බව ඒ මහතා පැවසීය.

එතරම් ප්‍රබල ආර්ථික අර්බුදයක රට මේ මොහොතේ ඇතැයිද පැවසූ ඔහු මෙවර ලොක්ඩවුන් කරන ලද්දේ මතුව ව්‍යවසනයෙන් ගොඩ ඒමට නොකර බැරි තත්ත්වයකට පත්වූ නිසා බවද කියා සිටියේය.

කොරෝනා අරමුදල සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ වැටුප පරිත්‍යාග කිරීමට තීරණයක් ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

ආපදා ගැන බොරු පතුරුවන්නන්ට නීතිය: හදිසි අවස්ථා ගැසට් පත්‍රයෙන් විශේෂ බලතල

Shiran Viraj

කප්පම්කරු හා පොලිස් නිලධාරියා පොර බදිද්දී ගිනි අවිය පත්තු වෙලා – දෙදෙනාම රෝහලේ

Shiran Viraj

අලියගෙන් ඉල්ලුව කියල අමුතු ඡන්දයක් ලැබුන්නෑ.. මං කී විදිහට කලානං මෙහෙම වෙන්නෑ..- රනිල්

Shiran Viraj
Translate »