28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

ලංකාව ආහාර සොයාගන්න අපහසුම රටවල් 05 අතරට..- චන්දිම

ලෝකයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අපහසුම රාජ්‍යයන් 5 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා සඳහන් කරයි.

අද වන විට රට ආර්ථික වශයෙන් දැඩි පීඩන තත්ත්වයකට පත්ව සිටින බවද පැවසූ ඔහු පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ලෝකයේ ආහාරය හිගයක් ඇති වෙද්දී ‘අපි වවමු රට නගමු’ වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ ද අද එවන් තත්වයක් පේන්නේ නැතැයිද ජනතාවට බඩගින්න තදින්ම දැනෙන යුගයක් ඇති වී තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

‘මගේ තරහකාරයෙක් ඇරෙන්න මට ඇමති ධූරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන කිසි කෙනෙක් නෑ. මට හිතවත් මට ආදරේ කරන කිසිවෙක් ඇමති ධුරයක් ලැබීම ගැන තුන් හිතකින්වත් පාර්ථනා කරන්නෙ නෑ’ යයිද ඒ මහතා කියා සිටියේය.

පවතින ව්‍යවසනය සම්බන්ධයෙන් සාකච්චා කිරීමට පක්ෂ නායකයන් නොකැඳවා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් කැඳවා සාකච්චා කරනු තමන් දුටු බවත් ඔහුගෙන් පමණක් උපදෙස් ගන්නේ නම් වත්මන් රජය හා ජනාධිපතිවරයාටත් පවසන්න ඇත්තේ ‘සම්මා සම්බුදු සරණයි’ යනුවෙන් පමණක් යයිද ඔහු පැවසීය.

අක්මීමන ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

පුතාගෙන් ලැබෙන මානසික සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ -රොෂාන් රණවන

Shiran Viraj

පුද්ගලික ආයතන සේවක පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන යන්ත‍්‍ර ඉල්ලයි..

Shiran Viraj

කරීනා මුස්ලිම් වුණැයි ඉන්දීය සමාජ මාධ්‍ය කැළඹිලා

Shiran Viraj
Translate »