mediahumanrights.lk
BusinessBusiness NewsNews

පාන් බනිස් මිල වැඩිකිරීම හකුලන්නැයි කියයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාන් බනිස් හා බේකරි නිෂ්පාදන මිල වැඩිකිරීම.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින වැඩිවෙන මෙම අවස්ථාවේ බේකරි හිමියන්ගේ සංගමය විසින් පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට කටයුතු කලහොත් පාරිභෝගිකයින් දැඩි අසීරුතාවයකට පත්වේ. තම පාරි‌භෝගිකයින් එනම් උදේ සවස පාන් ගෙඩිය බනිස් ගෙඩිය මිලදී ගන්නා පාරිභෝගිකියින් කොවිඩ් වසංගතයෙන් පීඩා විදින අවධියක මෙසේ මිල වැඩි කිරීමට කටයුතු කිරීම කොතරම් මානුෂිකදැයි අපි බේකරි හිමියන්ගේ සංගමයෙන් අසා සිටින අතර ඒ පිළිබදව ඔබගේ හෘදසාක්ෂියෙන් විමසා බලන ලෙසද ඉල්ලා සිටිමු.

මිනිසුන් හුස්ම ඉල්ලා මහමග වැද වැටෙද්දී හා රෝහල් මෘත ශරීරාගාර පිරී යද්දී බේකරි හිමියන් විසින් පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට කටයුතු කිරීම අපි පිළිකුලෙන් යුක්තව හෙළාදකින අතර ඔවුන්ට නිෂ්පාදන අමුද්‍රව්‍ය පිළිබදව කිසියම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබදව රජය සමග සාකච්ඡා කරන ලෙසද ඉල්ලා සිටිමු.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට නිසි ප්‍රමිතියෙන් යුක්ත පාන් ගෙඩියක් බනිස් ගෙඩියක් මිලදී ගැනීමට තවම අවස්ථාවක් නැත. විවිධ කඩවල අලෙවි කරන පාන් බනිස් වල මිල හා බර විවිධාකාරය. තත්වය එසේ තිබියදී එම භාණ්ඩවල මිල පමණක් වැඩි කිරීමට සෑම විටම අදාල සංගමය කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායක වන අතර එකී නිෂ්පාදන වල ප්‍රමිතිය පිළිබදවද සොයා බැලීමට කටයුතු කරන ලෙස එම සංගමයට අපි ඇරයුම් කරමු.

වර්තමාන කොවිඩ් තත්වය පිළිබදව සළකා බලා එළබෙන සදුදා සිට පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට ගත් තීරණය වහා හකුලා ගන්නා ලෙස අපි බේකරි හිමියන්ගේ සංගමයෙන් මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් තවදුරටත් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..

Shiran Viraj

කි‍්‍රකට් නිලවරණය දිනය සභාපති නිල වශයෙන් පවසයි (UPDATE)

Shiran Viraj

ඇතැමුන් රටේ ආගමික සංහිඳියාව බිඳ දමන්න කටයුතු කරනවා

Shiran Viraj
Translate »