mediahumanrights.lk
International News News

සැහැල්ලු දුම්රිය අවලංගු කලාට ජපානයට මිලියන 5896ක් ගෙවන්න වෙයි..

ජපාන රජයේ ණය යෝජනා ක්‍රමයක් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වර්තමාන රජය කිරීම අත්හිටුවීම හේතුවෙන් රුපියල් මිලියන 5896 ක මුදලක් ගෙවීමට සිදුව ඇත.

වාර්ෂිකව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කරනු ලබන රජයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති වාර්තාවෙන් මේ බව හෙළි වී ඇත.

අදාළ ව්‍යාපෘතියේ උපදේශන සේවා සඳහා රුපියල් මිලියන 5896 ක මුදලක් ගෙවීමට සිදු ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් එම මුදල පසුගිය වසරේ රජයේ මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් කර නැති බව ද විගණකාධිපතිවරයා හෙළි කර ඇත.

Related posts

ජල ගාස්තුවත් ළගදීම ඉහළට

Shiran Viraj

කැන්ඩි ටස්කර්ස් පරදවා කලම්බු කින්ග්ස්ට ජය

Shiran Viraj

අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ..

Shiran Viraj