26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsPolitical

බැසිල් මුදල් ඇමතිකම සමග පාර්ලිමේන්තුවට…?

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිධූරයක දිවුරුම් දීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් අතර සාකච්චාවක් ඇති වී තිබේ.

බොහෝ දුරට ඒ මහතා මුදල් අමාත්‍ය ධූරය භාර ගනු ඇති බවද ඔවුනතර සාකච්චා වේ.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව පිවිසිම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී වරයෙකු ඉවත් ඉල්ලා අස්වීම සිදුවනු ඇතැයි ද සඳහන්ය.

කෙසේ වෙතත් මෙම තොරතුරු මෙතෙක් නිලවශයෙන් තහවුරු කර ගැනීමට හැකියාව ලැබුනේ නැත.

දැනට ඇමරිකාවේ පුද්ගලික සංචාරයක නිරත වෙමින් සිටින ඒ මහතා ඉදිරි දින කිහිපයේදී ආපසු මෙරටට පැමිණීමට නියමිතය.

Related posts

මන්ත්‍රී අජිත් ගිහාන් මහතා තමන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරයි

Shiran Viraj

ඇප නැතිව ණය දෙන බැංකුවක්..

Shiran Viraj

කොදෙව්-ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අද

Shiran Viraj
Translate »