mediahumanrights.lk
International News News

ඉන්දියාව කෝවිඩ් එන්නත් දෙකකට අනුමැතිය දෙයි

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්  දෙකකට අද ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයාගේ  අනුමැතිය හිමිවිය. 

ඒ ඔක්ස්ෆර්ඩ් සරසවිය ,ඇස්ට්‍රාසෙන්සා සමාගම සමග එක්ව පූනේහි සීරම් ඉන්ඩස්ට්‍රිස් ආයතනය නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් සහ ඉන්දීය රජයට අයත් භාරත් බයෝටෙක් ආයතනය නිෂ්පාදනය කළ කොවැක්ෂින් යන එන්නත් දෙකටයි.

අදාළ අනුමැතිය ලබාදෙමින් ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයා ප්‍රකාශ කළේ මෙම එන්නත් සියයට එකසිය දහයක් ආරක්ෂිත බවට සහතික කරන බවයි.

 සුලු හෝ අවදානමක් පවතින එන්නතක් තමන් විසින් කිසිදිනක අනුමත නොකරන බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

 මේ අතර,  ක්‍රියාවලිය  සදහා දායක වූ වි⁣ශේෂඥයන් ඇතුලු සියලු පාර්ශ්වවලට ස්තුතිය සහ සුබ පැතුම් පළ,කළ ඉන්දීය අග්‍රාමාත්‍ය  අදහස් නරේන්ද්‍ර මෝදි මෙය සියලු ඉන්දියානුවන්ට ආඩම්බර විය හැකි ජයග්‍රහණයක් බවද ප්‍රකාශ කළේය.

Related posts

අපි සාර්ථකව කොරෝනා පාලනය කරලා.. එන්නත්කරණයෙන්ද අපි ඉදිරියෙන්.. ආණ්ඩුවට ඔ්න තරම් සල්ලි තියෙනවා.. ඉල්ලන තරමක් දෙනවා..

Shiran Viraj

ඉරණමඩුව පිරී කිලිනොච්චියට වසන්තය එයි

Shiran Viraj

සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..

Shiran Viraj