26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
International NewsNews

ඉන්දියාව කෝවිඩ් එන්නත් දෙකකට අනුමැතිය දෙයි

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්  දෙකකට අද ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයාගේ  අනුමැතිය හිමිවිය. 

ඒ ඔක්ස්ෆර්ඩ් සරසවිය ,ඇස්ට්‍රාසෙන්සා සමාගම සමග එක්ව පූනේහි සීරම් ඉන්ඩස්ට්‍රිස් ආයතනය නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් සහ ඉන්දීය රජයට අයත් භාරත් බයෝටෙක් ආයතනය නිෂ්පාදනය කළ කොවැක්ෂින් යන එන්නත් දෙකටයි.

අදාළ අනුමැතිය ලබාදෙමින් ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයා ප්‍රකාශ කළේ මෙම එන්නත් සියයට එකසිය දහයක් ආරක්ෂිත බවට සහතික කරන බවයි.

 සුලු හෝ අවදානමක් පවතින එන්නතක් තමන් විසින් කිසිදිනක අනුමත නොකරන බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

 මේ අතර,  ක්‍රියාවලිය  සදහා දායක වූ වි⁣ශේෂඥයන් ඇතුලු සියලු පාර්ශ්වවලට ස්තුතිය සහ සුබ පැතුම් පළ,කළ ඉන්දීය අග්‍රාමාත්‍ය  අදහස් නරේන්ද්‍ර මෝදි මෙය සියලු ඉන්දියානුවන්ට ආඩම්බර විය හැකි ජයග්‍රහණයක් බවද ප්‍රකාශ කළේය.

Related posts

චාමර සම්පත් ගිණුමෙන් මුදල් ඉවත් කලේ මගේ උපදෙස් මතයි.. එය නිවැරදියි..- රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්

Shiran Viraj

කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..

Shiran Viraj

Smart speaker sales will eventually hit a wall – report

Shiran Viraj
Translate »