30 C
Colombo
2026-09-28
mediahumanrights.lk
NewsPolitical

නැගෙනහිර ජැටිය ගැන තීරණයක් ගන්න ඇමති විමල්ගෙන් පක්ෂ 06 ක නායකයින්ට ඇරයුම්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත්, ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ කොළඹ පිහිටි නිල නිවසේදී අද පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ සඳහා දේශපාලන පක්ෂ 06 ක නායකයින්ට අමාත්‍ය විමල් වීරවංශ විසින් ඇරයුම් කර ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න සහ එක්සත් මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ට එම සාකච්ඡාව සඳහා ඇරයුම් කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

Related posts

රනිල්ට සාගල විතරයි.. හැම කමිටුවෙම සභාපති සාගල..

Shiran Viraj

පුටින් අත්අඩංගුවට ගෙන යුද අපරාධවලට දඬුවම් දිය යුතු බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් පවසයි

Shiran Viraj

අපට සදාකාලික උත්තර නෑ… ප‍්‍රශ්ණ එන එන විදිහට මුහුණ දෙනවා.. දැනට ඉන්දියාවෙන් හාල් ගේනවා..

Shiran Viraj
Translate »