30 C
Colombo
2026-09-28
mediahumanrights.lk
International NewsNews

ප්‍රංශය දේශ සීමා නීති දැඩි කරයි

යුරෝපා සංගමයට අයත් නොවන රටවල අත්‍යාවශ්‍ය සේවා ගමන් හැර අනෙකුත් සියළු ගමන් සඳහා සිය දේශ සීමාව හරහා ගමන් කිරීම තාවකාලිකව තහනම් කිරීමට ප්‍රංශය පියවර ගෙන තිබෙනවා. ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටෙක්ස් ප්‍රකාශ කළේ, කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගත් බවයි. 

කෙසේ වෙතත්, රට පුරා ඇඳිරි නීතිය පැනවීම ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර දැනට ක්‍රියාත්මක වන පරිදි සවස් කාලයේ පමණක් ඇඳිරි නීිතිය ක්‍රියාත්මක වන බව ද ප්‍රකාශ කර තිබෙනවා. 

මේ වනවිට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව සිටිය ද, ප්‍රංශය පනවා ඇති එම නව දේශ සීමා නීති මගින් බ්‍රිතාන්‍යයට හෝ ඉන් පිටතට භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ට බලපෑමක් නොවන බවයි, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යය ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

Related posts

රස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණයක්

Shiran Viraj

ඩුබායිවල අනතුරට ලක්ව මෙරටට පැමිණි පුද්ගලයාව රෝහලෙන් එලවා දැමූ වෛද්‍යවරයාගේ සිද්ධිය ගැන සොයයි

Shiran Viraj

හොර බෙහෙත් ලොක්කාට පිස්සු.. අංගොඩට දමයි… කෙහෙලිය පූර්ණ අංගවිකල වෙන්න ආසන්නයි…

Shiran Viraj
Translate »