mediahumanrights.lk
Local NewsNews

ඇස්ට්‍රාසෙනිකා ආ සැනින් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

අනුමැතිය ලැබී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරටට ලද සැනින් එන්නත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එන්නත් කිරීම සම්බන්ධයෙන් වන මූලික පෙරහුරු ද මේවනවිටත් සාර්ථකව පවත්වා අවසන්. ඒ අනුව මෙරටට ලැබීමට අපේක්ෂිත එන්නත් තොගයේ පළමු කොටස ලැබීමත් සමග කොරෝනා මර්ධනයට දායකත්වය දක්වන මුල් පෙළ සාමාජිකයින්ට එම එන්නත ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. 

මෙලෙස ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතයි. එම එන්නත මෙරට භාවිතය සඳහා ඉකුත් දා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවුණා. ඒ අනුව පළමු අදියර යටතේ එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් මෙරටට රැගෙන ඒමටයි නියමිතව ඇත්තේ.

මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඉන්දීය ප්‍රදානයක් ලෙසයි. ඒ අනුව එන්නත් ලැබීමෙන් පසු ඒවා ජනතාවට ලබාදීමට ඇති සූදානම සම්බන්ධයෙන් නෙත් නිවුස් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසීමක් කළා. මේ, ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්. 

එන්නත ලබාදෙන ඉදිරිපෙළ කණ්ඩායම යනු කවුරුන්ද? 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද, ඉකුත් දා ප්‍රකාශ කළේ ඉන්දියාවෙන් හිමිවන කොරෝනා එන්නත් තොගයේ පළමු කොටස අනිද්දා වනවිට මෙරටට ලැබෙනු ඇති බවයි. 

ලොව පුරා මේවනවිට කොරෝනා මර්ධනයට එරෙහි එන්නත් රැසක් නිෂ්පාදනය කරමින් සහ අත්හදා බලමින් සිටිනවා. ඒවායෙන් එන්නත් කිහිපයක් විවිධ රටවල් විසින් දැනටමත් භාවිතයට ගෙන අවසන්. ඒ අතරින් ප්‍රධාන වන්නේ අමෙරිකාවේ ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නතයි. එමෙන්ම අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා, බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ්, ඉන්දියාවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා හා රුසියාවේ ස්පුට්නික් එම එන්නත් අතරින් කිහිපයක්. මිට අමතරව චීනයේ නිෂ්පාදිත කොරේානා මර්ධන එන්නතක් ද මේවනවිට භාවිතයට ගනිමින් සිටිනවා. 

සාර්ථකත්වය අතින් ඉහළ ප්‍රතිශතයක් පෙන්නුම් කළද, ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත ගබඩා කිරීමේ හා ප්‍රවාහනයේ ඇති අපහසුතා හේතුවෙන් බොහෝ රටවල් නැඹුරු වී ඇත්තේ ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතයට ගැනීමටයි. ඔක්ස්ෆර්ඩ් එන්නත සඳහා පළමුවරට බි්‍රතාන්‍ය හදිසි භාවිතය සඳහා අනුමැතිය ද ලබා දුන්නා. 

මෙවන් පසුබිමක් තුළ කොරෝනා මර්ධන එන්නත් සම්බන්ධයෙන් බි්‍රතාන්‍යයේ නියෝජ්‍ය වෛද්‍ය ප්‍රධානී ජොනතන් වෑන් ටැන් ඊයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා. ඔහු එහිදී පැවසුවේ කොරෝනා මර්ධන එන්නත් ලබාගත් පුද්ගලයින්ගෙන් පවා වෙනත් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති බැවින් එන්නත් ලබා ගත්ත ද, නිරෝධායන රීති ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවයි. 

nethnews

Related posts

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව 3වැනි වරටත් දඩ

Shiran Viraj

රනිල් එයි.. ‘පුළුවන් ශ‍්‍රී ලංකා’ ස්ටිකර් ත‍්‍රිවිල්වල අලවයි..

Shiran Viraj

රට යන ගමනේ වෙනසක් කරන්න කාලය එළඹිලා : අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයි

Shiran Viraj
Translate »