28.9 C
Colombo
2026-07-06
mediahumanrights.lk
International NewsNews

දකුණු අප්‍රිකාව නිසා බ්‍රිතාන්‍යයේ අවදානම ඉහළට

දකුණු අප්‍රිකාව තුළ සිග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 77 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ එංගලන්තයේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති පසුබිමක් තුළයි. 

කෙසේවෙතත්, දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනුණු කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් සියලුදෙනා විදෙස් රටවලින් පැමිණි අය මිස සමාජයෙන් වාර්තා වූ ආසාදිතයින් නොවන බවයි බ්‍රිතාන්‍යය බලධාරීන් පවසන්නේ. ආගන්තුක කොරෝනා ප්‍රභේදය රට තුළ පැතිර යාම වැළැක්වීම සියලු පියවර ගන්නා බව ද බ්‍රිතාන්‍යය බලධාරීන් සඳහන් කළා. ඒ අනුව දේශසීමාවල ආරක්ෂාව තර කිරීමටයි දැනටමත් පියවර ගෙන ඇත්තේ. 

බ්‍රිතාන්‍යයෙන්  හඳුනා ගැනුණු කොරෝනා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ එංගලන්තයේ සියලු රෝහල් මේවනවිට ආසාදිතයින්ගෙන් පිරී පවතිනවා. දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදය සැලකෙන්නේ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු කොරෝනා වෛරස් ප්‍රභේදයටත් වඩා වේගයෙන් ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදයක් ලෙසයි. 

nethnews

Related posts

කාන්තාවන්ට ජාතික සතියක්…

Shiran Viraj

විප්ලවයක ඇරඹුම හෙට සිට – රතන හිමි

Shiran Viraj

නැගෙනහිර බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්න අකිලගේ අවධානය

Shiran Viraj
Translate »