28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsSportsSports News

එංගලන්තයට විස්සයි විස්ස තරගාවලි ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති 03 වන සහ අවසන් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. කෙසේවෙතත් මුල් තරග 2ක ඔස්ටෙ‍්‍රලියානු කණ්ඩායම පරාජය වීම හේතුවෙන් 2 ට 1 ක් ලෙස මෙම තරගාවලිය ජය ගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

ඊයේ පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 145ක් රැුස් කිරීමට සමත් වුණා. ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3ක් අවසානයේ කඩුල 5ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගයේ ජය වාර්තා කළා. මෙම තරගය පැවැත්වුණේ සදම්ප්ටන් හිදියි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පාර්ලිමේන්තු මැතිවරණය ද? ජනාධිපතිවරණය ද?

Shiran Viraj

ගිණි අවියක් ගෙන විරෝධතාවයක් කළ පොලිස් නිලධාරියාට ඇප

Shiran Viraj

වාහන පිපිරවීමට සමත් LTTE අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

Shiran Viraj
Translate »