31.1 C
Colombo
2026-10-07
mediahumanrights.lk
NewsPolitical

වගා පෙරළියකට ජනපති සූදානම් වෙයි

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා  දී ඇත.

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව  ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

රජය, ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක්  අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

අත්හැර දමා තිබූ ඉඩම් ඇතුළුව විශාල භූමි ප්‍රදේශයක දශක ගණනාවකට පසු, වී ඇතුළු බෝග රැසක් වගා කිරීමට ගොවීහු මහත් උනන්දුවෙන්  සුදානම්ව සිටින බවත් මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර තිබෙන බවත් එහි සඳහන් වේ.

එමෙන්ම , වතුවලට හා ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට, කලට වේලාවට  සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ දැක්වේ.

වගා සංග්‍රාමයකට අවශ්‍ය සහය දීමට රජය සැලසුම් කර ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා එහිදි පවසා ඇති අතර, බාධාවකින් තොරව පොහොර අවශ්‍යතාව සැපයීමට රජයේ සහ පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ට පසුබිම සකසා ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන් බව එම නිවේදනයේ සඳහන් වේ.

මීට අමරව, ආනයනයට සීමා නොවී දේශීය පොහොර අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කළයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළ බවද එම නිවේදනයෙන් දන්වා ඇත.

lanka lead news

Related posts

වධකයන්ට සවන්දෙන්න අපි සුදානම් නැහැ – ලක්ෂ්මන් කිරිඇල්ල

Shiran Viraj

වර්තමාන රජය පහසුවෙන් බිඳ නොවැටෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

Shiran Viraj

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙක් හෙරොයින් සමග කොටු

Shiran Viraj
Translate »