31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsPolitical

සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..

සමගි ජන බලවේගයෙට මෙවර ජාතික ලැයිස්තුව සඳහා හිමිවූ මන්ත්‍රී ආසන වලින් කිසිවක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලබා නොදීම දැඩිව හෙළා දකින බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක නසීර් අහමඩ් මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීමට මැතිවරණයට පෙරම පොරොන්දු වී තිබූ බවයි.

එනිසා තම පක්ෂය ජයග්‍රහණය කිරීමට හැකියාව තිබූ ආසනවලට පවා අපේක්ෂකයන් ඉදිරිපත් නොකර කැපකිරීමක් කරමින් සමගි ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමානයට විශාල දායකත්වයක් ලබා දුන් බවද එමගින් පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් තම පක්ෂයට ලබා නොදීම තම ජනතාව රැවටීමට පත් කිරීමක් බව සජිත් ප්‍රේමදාස මහතා තරයේ සිහි තබා ගත යුතු බවත් නිවේදනයේ සඳහන් වෙයි.

මුස්ලිම් කොංග්‍රසය දුන් පොරොන්දුව සජිත් ප්‍රේමදාස මහතා විසින් කඩ කිරීම තම පක්ෂ ඉතිහාසයේ කලූ පැල්ලමක් ලෙස සටහන් වන බව ද එම නිවේදනයේ පවසා ඇත.

මෙවන් ක්‍රියාවක් සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන බව දැන සිටියේ නම් මැතිවරණයේදී තනිව තරග කිරීමට ඉඩ තිබූ බවත් එසේ තරග කළා නම් මීට වඩා ආසන්න ප්‍රමාණයක් දිනාගත හැකිව තිබූ බවත් ඔහු තවදුරටත් කියා සිටියි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් ගන්නා ලද මෙම තීරණය කිරීම සමගි ජන බලවේගය පක්ෂ අතර ඉදිරියේදී යම් විරසකයක් ඇති වීම නොවැළැක්විය හැකි බවද තව දුරටත් දැක්වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රුධිර පරීක්ෂණ ගාස්තුවත් අද සිට පහලට

Shiran Viraj

දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් 2026 ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කෙරේ

Shiran Viraj

හදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙක් අත්අඩංගුවට..

Shiran Viraj
Translate »