2026-09-14
mediahumanrights.lk
International NewsNews

ලන්ඩන් ගින්න ගැන බ්‍රිතාන්‍ය අගමැතිනියගේ අණින් පරීක්ෂණයක්

බටහිර ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාස කුළුණු සංකීර්ණයේ ඇතිවූ මහා ගින්න පිළිබඳව ඉහළ පෙළේ පරීක්ෂණයක් පවත්වන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කළා.
ගින්නෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එම සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූ 30 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් 17 දෙනෙකුගේ තත්වය බරපතල බව සඳහන්.
ගින්න මැඩපැවැත්වීමෙන් පසු ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කළ නමුදු දිවි ඇති තවත් කිසිවෙකු හමුවනු  ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ගිනි නිවන කණ්ඩායම් ප්‍රකාශ කළා.
1974 වසරේ ඉදිකර ඇති මෙම මහල් නිවාස සංකීර්ණය පසුගිය කාලයේදී ස්ටර්ලින් පවුම් මිලියන 8.6 ක් වැය කර ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා.
අදාළ ප්‍රතිසංස්කරණ සිදුකළ රයිඩන් නැමති සමාගමටද පරීක්ෂණයේදී කරුණු ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති.
ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් කියා සිටියේ අදාළ ප්‍රතිසංස්කරණ ආරක්ෂිත ලෙස සිදුකළේද යන්න පිළිබඳව විමසා බැලිය යුතු බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

රටම එකට ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන්හිදී පැවැත්වෙයි

Shiran Viraj

මැන්චෙස්ටර් ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ – විදේශ කටයුතු අමාත්‍යංශය

Shiran Viraj

ලංකාවේ අයෙක් රසදියෙන් විදුලිය උපදවයි.. තම නිවස රසදිය විදුලියෙන් දුවයි..

Shiran Viraj
Translate »