mediahumanrights.lk
Local News News

මුඛ ආවරණ නොපළඳින අයට අද සිට වැඩ වරදියි

ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින් අද (28) සිට දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

බොහෝ පිරිස් ප‍්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණ නොපළඳින බවට පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් ද කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ.

ඉකුත් 26 වැනිදා බස්නාහිර පළාත් තුළ පමණක් පුද්ගලයින් 19,000 කට අධික පිරිසක් පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ පුද්ගලයින් 6,700 කට අධික සංඛ්‍යාවක් මුඛ ආවරණ පැළඳ නොසිටි බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදී අවසන්..

Shiran Viraj

නවක වධය ලබාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සිසුන් තුන් දෙනෙකු ඇප

Shiran Viraj

මම එළියට බැස්සම එජාපයේ ඡන්ද යාන්ත්‍රණය ඕෆ් වුණා – තිස්ස (වීඩියෝ)

Shiran Viraj