2026-07-08
mediahumanrights.lk
Local NewsNews

සල්ලි නෑ.. වැඩිහිටි දිමනාව ගන්නා ආ පිරිස් හරවා යවයි..

වෙසක් දිනයට ප්‍රථම ජෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මාසිකව ලබාදෙන රු 2000 දිමනාව ලබා ගැනිමට හැටන් තැපැල් කාර්යයාලයට පැමිණි ජෙෂ්ඨ පුරවැසියන් (06) දිනත් ආපසු හරවා යැවිමට හැටන් තැපැල් කාර්යයාලයේ නිලධාරින් කටයුතු කෙරුණි.

(05) දිනයේත් හැටන් තැපැල් කාර්යයාලයේ වැඩිහිටි දිමනාව ලබා ගැනිමට වැඩිහිටියන් විශාල පිරිසක් පැමිණ සිටි අතර එම පිරිසද (05) දින හැටන් තැපැල් කාර්යයාලයේ නිලධාරින් ආපසු හරවා යැවිමට කටයුතු කර තිබුණි.

ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාල විසින් මේ මසට අදාල වැඩිහිටි දිමනාව ගෙවිමට අදාල චෙක් පත් තැපැල් කාර්යයාලට එවා නොමැති නිසා වැඩිහිටි දිමනාව (11) දින තෙක් ගෙවිමට නොහැකි බව පවසමින් හැටන් තැපැල් කාර්යයායේ නිලධාරින් වැඩිහිටි දිමනාව ලබා ගැනිමට පැමිණි පිරිස දැනුවත් කර ආපසු  හරවා යැවිණ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආධාරකරුවන්ට උඩගෙඩිදී වොෂිංටනයේ ගිණි ඇවිලූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාජ මාධ්‍ය තහනමක්

Shiran Viraj

ලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…

Shiran Viraj

බස්නාහිර ලොක්ඩවුන් කරන්නැයි කියයි..

Shiran Viraj
Translate »