31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

කොළඹ නගරයේ වාහන නැවතුම් ගාස්තු අය කිරීම් අද සිට යළිත්

ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ නගරයේ මාර්ගවල වාහන නැවතුම් ගාස්තු අය කිරීම අද (21) සිට නැවත ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව පවසනවා.

කොවිඞ් වසංගතය හේතුවෙන් ඉකුත් සමයේ මෙම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක වූයේ නැහැ. එහෙත් රට ක‍්‍රමයෙන් යථාතත්ත්වයට පත්කරමින් ඇති බැවින් ගාලූ පාර, ඩුබ්ලිකේෂන් පාර සහ එම මාර්ග දෙකට සම්බන්ධ සියළු මාර්ගවල ස්වයංකී‍්‍ර වාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කිරීමේ කි‍්‍රයාවලියද අද සිට ආරම්භ වන බවයි නාගරික කොමසාරිස් රොෂානි දිසානායක සදහන් කළේ.

කොළඹ මහ නගර සභාවේ රථ වාහන පාලිකාවන් හෝ බලයලත් රථ වාහන ගාල් කිරීමේ පාලකයින් සෙසු සියළු ප‍්‍රදේශවලට පත් කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ අනුව මෝටර් රථ, වෑන් සහ කැබ් සඳහා පැයකට රුපියල් 50 ක ගාස්තුවක්ද යතුරු පැදි සහ තී‍්‍රරෝද රථ සදහා පැයකට රුපියල් 20 ක ගාස්තුවක්ද අය කරනු ඇති.

බස් සහ ලොරි සදහා අය කරන ගාස්තුව රුපියල් 70 ක්. පාසල් වෑන් රථ සදහා මසකට රුපියල් 600 ක් ද පාසල් බස් රථ සදහා මසකට රුපියල් දහසක් ද වාහන නැවතුම් ගාස්තු ලෙස අය කිරීමට නියමිතයි. කාර්යාල ප‍්‍රවාහන වෑන් රථ සදහා මසකට රුපියල් 1,200 ක් ද බස් රථ සදහා රුපියල් 2,000 ක් ද අය කරනු ඇති. වාහන නැවතුම් ගාස්තු ගෙවීමේදී සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන ලෙසටයි කොළඹ මහ නගර සභාව ජනතාවට දැනුම් දෙන්නේ.     

(under the courtesy of nethnews.lk news web)

Related posts

ගෑස් මිල තවත් පහල දමයි…

Shiran Viraj

අගමැති චීන කොමියුනිට්ස් පක්ෂ දූත පිරිස හමුවේ

Shiran Viraj

පෞද්ගලික බැංකුවක් කොල්ලකයි – කොල්ලය වැළැක්වීමට ගිය ආරක්ෂකයෙකු වෙඩිකයි

Shiran Viraj
Translate »