29.9 C
Colombo
2026-08-11
mediahumanrights.lk
NewsSportsSports News

කුසල් සහ මැතිව්ස් සුපිරි ඉනිමක් ගොඩ නගයි

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ප‍්‍රථම ටෙස්ට් තරගයේ ශී‍්‍ර ලංකා දෙවන ඉනිමේදී ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් සමත් වී සිටිනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ වෙලින්ටන්හිදීයි.

ශී‍්‍ර ලංකාව පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 282 ක් රැස් කළා. ඊට පිළිතුරු වශයෙන් නවසීලන්තය රැස්කළ ලකුණු සංඛ්‍යාව 578 ක්. තරගයේ තුන්වන දිනය වූ ඊයේ (17) ශී‍්‍ර ලංකාව සිය දෙවනි ඉනිම ආරම්භ කළේ නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 296 ක් පසුපසින්.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මුල් කඩුළු තුන ලකුණු 13 ක් ඇතුළත බිද දැමීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා. කෙසේවෙතත් ඉන් අනතුරුව පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් සමගින් ඇන්ජලෝ මැතිව්ස් ශී‍්‍ර ලංකා ඉනිම ඔසවා තැබුවා.

මීට නොබෝ වේලාවකට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 3 ක් දැවී ලකුණු 243 ක් ලබා සිටියා. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 111 ක් රැස්කර සිටිනවා. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 107 යි. තරගයේ 4 වන දිනය අදයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහනුවර රෝහලේ රෝගියෙකු කරගත් මහා විනාශය

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවන යෝජනාවක් එජාපයෙන්ම පාර්ලිමේන්තුවට..ජාතික ආණ්ඩුව බැරි වූ නිසා මහ මැතිවරණයක් කැදවන්න යයි..

Shiran Viraj

වරාය චාරිකාව ගැන මං සතුටින්.. බලාපොරොත්තු හොඳටම ඉෂ්‍ට වුනා..

Shiran Viraj
Translate »