2026-09-07
mediahumanrights.lk
Local NewsNews

ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනයේ නිවැරදි මාර්ගයේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි.

ඔවුන් පෙන්වාදෙන්නේ කොරෝනා ආසාදිතයන්ගේ සමීපතමයන් සහ ආශ‍්‍රීතයන් හඳුනාගැනීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිවැරදි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය. ජ

කොරෝනා පරීක්ෂාකිරීම වැඩි වැඩියෙන් තවදුරටත් සිදු කිරීමත් ඒවා නිවැරදි ලෙස වාර්තා කිරීමත් පසුගිය දින කිහිපයේදීම දක්නට ලැබුණු බවද එම කාර්යාල කියාසිටී.

එසේ වුවද මෙම ව්‍යාපෘතියේදී ඉදිරියෙන්ම සිටින සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩල සහ සේවකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුතු බවද ඔවුන් තවදුරටත් පෙන්වා දෙයි.

එම කාර්ය මණ්ඩලවලට ප්‍රමාණවත් පරිදි පෞද්ගලික ආරක්ෂක උපකරණ ලබා දිය යුතු බවත් හදිසියේ හෝ ආසාදිතයන් එකවර ඉහල ගියහොත් ඔවුන්ට ලබාදීම සඳහා පෞද්ගලික ආරක්ෂක උපකරණ වෙන්කර තැබීම සුරක්ෂිත කළ යුතු බවත් කාර්යාලය තවදුරටත් කියා සිටියි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වෙනිසියුලානු ජනාධිපති මදුරෝ ඇමෙරිකානු ආරක්ෂක අංශ භාරයට

Shiran Viraj

රටක් බලා සිටි බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප‍්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කිරීමට සූදානම්

Shiran Viraj

මෙවර සහල්, ලුණු ප්‍රශ්නය ගිය ආණ්ඩුවේ.. එන අවුරුද්දේ ආවොත් අපේ..- ඇමති

Shiran Viraj
Translate »