29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

අද සිට සේවයට එන අයට ප්‍රවාහන පහසුකම් දෙන්න දුම්රිය සහ ලංගම සූදානම්

අද(11) සිට සේවයට වාර්තා කරන්නන් සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය සහ ලංගම බස් රථ යොදවන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

පසුගිය මාසයේ වාර ප්‍රවේශ පත්‍ර මේ සදහා ද වලංගු බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කළේය.

දුම්රියෙන් ගමන්කළ හැක්කේ ආයතන ප්‍රධානීන් හරහා දුම්රිය ආසන වෙන්කර ගත් පුද්ගලයින් සඳහා පමණ වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පැවසුවේය.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මගීන් 2800 දෙනෙකු පමණ ඒ සදහා ඉල්ලුම් කර ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දුම්රිය 10ක් ඒ සඳහා යොදවන බවයි.

රජයේ සේවකයින් ප්‍රවාහනය කරන වාහන උදෑසන 08.30ට පෙර සේවා ස්ථාන වෙත පැමිණිය යුතුයි.

රාජකාරි අවසන් කර පිටත්වන වාහන පස්වරු 03.00 ත් 04.00ත් අතර කාලය තුළ පිටත් විය යුතු බවයි රජය පවසයි.

පුද්ගලික අංශයේ සේවකයින් උදෑසන 08.30ත් 10.00ත් කාලය තුළ පැමිණිම අපේක්ෂා කරන අතර සේවය අවසන් කර පිටත්වන වාහන පස්වරු 04.00ත් 05.00ත් කාලය තුළ පිටත්විය යුතුයි.

කර්මාන්ත ශාලා කටයුතු සදහා සහ සේවා මුර වශයෙන් පවත්වාගෙන යන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට දක්වා ඇති වේලාවන් අදාල වන්නේ නැහැ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ශ්‍රී ලංකා පිළට අලුත් නායකයෙක්…? හතුරුසිංහ සමග සාකච්චා කරන්නත් නියමිතයි. 2019 ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන එන අලුත් නායකයා කවුද..?

Shiran Viraj

COVID 19 ආසාදිතයින් තිදෙනෙක් ඊශානදිග චීනයෙන් වාර්තා වෙයි

Shiran Viraj

කඩා වැටුණු හෙලිකොප්ටරයට සුළු හානි – නියමුවාට ජනපතිගෙන් ප‍්‍රශංසා

Shiran Viraj
Translate »