2026-09-07
mediahumanrights.lk
Local NewsNews

රසායනික පොහොර තහනමේ කිසිම වෙනසක් නෑ..

රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි. කාබනික පොහොර භාවිතයට රජය ගත් ස්ථාවරය කිසිදු වෙනසක් නැතැයි ද ඔහු කියා සිටියි.

මේ අතර මෙරටට රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා සඳහන් කරයි.

නමුත් කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය දියර නයිට්‍රිජන් ප්‍රමාණයක් රටට අවශ්‍ය බැවින් බලපත්‍ර මත ඒවා ගෙන්වා ගැනීමට පමණක් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය දුන් බවද ඔහු සඳහන් කළේය.

නමුත් රේගු කටයුතු වල දී යොදා ගන්නා කේතය යටතට මෙම දියර නයිට්‍රජන් මෙන්ම ඇතැම් රසායනික පොහොර ද ඇතුළත් වන බව ද ඔහු පැවසීය.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය රසායනික පොහොර පමණක් රජයේ බලපත්‍රයක් මතක ගෙන්වීමට ඉඩ දෙන බව දීම පොහොර සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය බව ද ඔහු කියා සිටී.

මේ සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවත් රජයේ නිර්දේශ මත පමණක් ගෙන්වීමට අනුමැතිය ලබා දෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related posts

රජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..

Shiran Viraj

ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුව කැදවයි

Shiran Viraj

මට්ටක්කුලිය ඝාතනයේ සැකකරු අල්ලයි

Shiran Viraj
Translate »