2026-09-04
mediahumanrights.lk
Local NewsNews

ග‍්‍රාමසේවකලා රුපියල් 5000 බෙදිල්ලෙන් ඉවත් කරලා.. රජය වෙනම කමිටුවක් දාලා අප හෑල්ලු කරලා..- ග‍්‍රාමසේවක සභාපති

කොරෝනා 19 වයිරස අවදානම හේතුවෙන් ජිවනෝපාය අහිමි වි සිටින ජනතාවට රජය මගින් ලබා දෙන රැපියල් 5000 දිමනාව ලබා දෙන වැඩ සටහනෙන් ග්‍රාම නිළධාරීන් ඉවත් වි නොමැති බවත් එම රැපියල් 5000 ලබා දිම සදහා රජය සහ සමෘද්ධි අමාත්‍යාංශය මගින් ග්‍රාම මටිටමින් කමිටු පිහිටුවා එම කමිටුවලින් දිවයින පුරා සිටින ග්‍රාම නිළධාරීන් ඉවත් කිරිමට රජය හා සමෘද්ධි අමාත්‍යාංශය කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකා එක්සත් ගමිපත ග්‍රාම නිළධාරීන්ගේ සංගමයේ සභාපති සෙනරත් නන්දලාල් මහතා අද (17) දා පැවැසිය.

සෙනරත් නන්දලාල් මහතා පෙන්වා දුන්නේ රටතුළ ඇති වු ආපදා තත්ත්වයකදි ග්‍රාම නිළධාරීන් සැහැල්ලුවට ලක්කරමි ග්‍රාමිය මටිටමින් කමිටු පිහිටුවා ග්‍රාම නිළධාරීන් එම කමිටුවලින් ඉවත් කර රජය මගින් වෙනත් නිළධාරීන් පත්කර එම රැපියල් 5000 දිමනාව ලබා දිමට කටයුතු කර ඇති බවයි.

කොරෝනා අවදානම් තත්ත්වය මැඩ පැවැත්විම සදහා රජය මගින් ගෙනයන වැඩ පිළිවෙලින් ග්‍රාම නිළධාරීන් ඉවත් වි ඇති බවට රට පුරා මතයක් ගොඩ නැගෙමින් ඇති බවද ඒ මහතා කියා.

මෙ දිනවල වැඩිහිටි දිමනා, ආබාධිත දිමනා,වකුගඩු දිමනා, මහජන ආදාර ,වැටලිමි කටයුතු ,මරණ කටයුතු ,ඇඳිරිනීතිය බල පත්‍ර වලට අදාළ ලියවිලි සකස් කිරිම වැනි කටයුතු වල ග්‍රාම නිළධාරීන් යෙදි සිටින බවද නන්දලාල් මහතා පැවැසිය.

මෙම රැපියල් 5000 දිමනාව ⁣ ලබා දෙන්නේ සමෘද්ධි බැංකුවට අයත් මුදල් වලින් බව රජය විසින් අසත්‍ය තොරතුරු පවස බවත් ඒම මුදල් සමෘද්ධි බැංකුවට අයත් මුදල් නොව රජය මගින් ආපදා වලට වෙන්කර ඇති මුදල් බව හෙටතම කිය.

ගමෙ ජනතාව සමග සමිපයෙන්ම කටයුතු කරන්නේ ග්‍රාම නිළධාරී වරැන් බවත් රැපියල් 5000 දිමනාව ලබා දිම සදහා කොරෝනා මර්දන වැඩපිළිවෙළ සදහා පත්කර ඇති අංශ විසින් ග්‍රාම නිළධාරීන් ඉවත් කිරිම සමිබන්දයෙන් කණගාටුවට පළ කර සිටින බවද සෙනරත් නන්දලාල් මහතා වැඩිදුරටත් සදහන් කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වෙනිසියුලානු ජනාධිපති මදුරෝ ඇමෙරිකානු ආරක්ෂක අංශ භාරයට

Shiran Viraj

නාමල් ට‍්‍රම්ප්ට විරුද්ද වේ..

Shiran Viraj

Google introduces Neural Networks API in DP of Android 8 Developer Review

Shiran Viraj
Translate »