mediahumanrights.lk
News Political

අපේ උපදෙස් අනුව වැඩ කලා නම් කොරෝනා මෙතරම් වැඩි වෙන්නේ නෑ..- ජවිපෙ

තම පක්ෂය විසින් පෙන්වා දුන් කරුණු පිළිගෙන කටයුතු කලේ නම් කොරෝනා වෛරසය මර්ධනය මෙතරම් අපහසු වන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් ආණ්ඩුව මෙතෙක් කොරෝනා මර්දනයට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවද ඔහු පැවසීය.

නමුත් වසංගතය පාලනය කිරීමට මෙතෙක් ජාතික මට්ටමින් වැඩපිළිවෙළක් නැති බවද ඔහු පැවසුවේය.

ආණ්ඩුව විසින් නිසි යාන්ත‍්‍රණයක් සාදන්නේ නම් අත්‍යවශ්‍ය භාණ්ඩ රට පුරා බෙදා හැරීම තම පක්‍ෂය සූදානම් යයිද ඔහු තව දුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

"FTT පරණ ඇඩ් වැලක එතෙයි"

Shiran Viraj

අදානි ගිය පසු ටිල්වින්, විදුලි ඇමති ගෙදරටම ගොස් ඉන්දීය තානාපති හමුවේ… බලශක්තිය ගැන සාකච්චා..

Shiran Viraj

ඉඩම් ආරවුල් දුරදිග නොයන ලෙස විසඳුම් දෙන්න සැළසුම්

Shiran Viraj