mediahumanrights.lk
Local NewsNews

‘අවිගන්’ පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ..

කොරෝනා අසාදිතයන්ට ප්රතිකාර කිරීම සඳහා ජපානයෙන් ගෙන්වන ලද ‘අවිගන්’ නම් ඖෂධය රෝගීන්ට සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව තහවුරු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ අදාළ ඖෂධය ලියාපදිංචි කිරීමට හෝ ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ පෞද්ගලික සමාගමක් මෙතෙක් අවසර ලබාගෙන නොමැති බවයි.

මෙරටට කිසියම් ඖෂධයක් ආනයනය කරන්නේ නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ලබා ලියාපදිංචි විය යුතු බව එහි සභාපති මහාචාර්ය අසිත සිල්වා මහතා සඳහන් කරයි.

අදාළ ‘අවිගන්’ නම් ඖෂධය සම්බන්ධයෙන් ජපානයේ දී සායනික පර්යේෂණ දෙකක් පමණක් සිදුකර ඇති බවත් ජපානයේ ඖෂධ අධිකාරියද මෙම ඖෂධය ලියාපදිංචි කර නැති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ රජයේ ඉල්ලීමක් මත ජපානයෙන් අවිගන් ඖෂධ පෙති 5000ක් මෙරටට ගෙන්වා ඇති බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඒවා රෝගීන්ට ලබාදෙන බවද සභාපතිවරයා පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අමෙරිකානු ඩොලරය රු. 155 පන්නයි

Shiran Viraj

ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අරන් එනවා – දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල

Shiran Viraj

අගමැතිගෙන් පොලිස්පතිට හදිසි නියෝගයක්…

Shiran Viraj
Translate »