mediahumanrights.lk
Local News News

අපේක්ෂා රෝහල් කාර්යය මණ්ඩලයේ 14ක් නිරෝධායනයට

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ සත්‍ය තොරතුරු වසන් කරමින් ප්‍රතිකාර ගැනීම හෙතුවෙන් එම රෝහල් වෛද්‍යවරුන් සිව් දෙනකු ඇතුළු කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබේ.

මෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වූ දින සිට අදට දින 27 ක් ගත වී ඇති අතර මේ වන විට වෛරස් ආසාදිතයින් 176 දෙනකු හඳුනාගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 10 දෙනෙකු ඊයේ දිනයේ අලුතින් වාර්තාවූණි.

මේ වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් සිටින පිරිස 34ක් වන අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් අති පුද්ගලයින් සංඛ්‍යාව 5කි.

කෙසේවෙත් රෝගීන් 138 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි

වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 259 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

මේ අතර කොවිඩ් 19 වෛරස අසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පී.සි.ආර් පරීක්ෂණය සම්බන්ධයෙන් වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා අද දෙරණට අදහස් පලකළා.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොවිඩ් ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ ඇතැම් ආසාදිතයින් රෝහල්වලට යාම ප්‍රතික්ෂේප කරනවා – සෞඛ්‍ය ඇමතිනිය

Shiran Viraj

කඩුල්ල සෙලවී බේල්ස් නොසෙල්වූ ක්‍රිකට් පිටිය මවිතකළ නොදැවී යාම මෙන්න

Shiran Viraj

අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑ

Shiran Viraj