mediahumanrights.lk
NewsPolitical

අගමැති ඉවත්කළ හැකි ද – ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

අගමැතිවරයා ජනාධිපතිවරයාට ඉවත් කළ හැකි ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ලබන සඳුදා (19) අධිකරණයට යාමට සූදානම් වේ.
ඒ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ (46) (2) වගන්තිය යටතේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ හැක්කේ ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ, තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවහොත් යනුවෙන් සටහන් වීම නිසාය.
එසේම එහි “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේ ය.” යනුවෙන්ද වේ.
අදාළ, කොටස පහත දැක්වේ.
වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක්ද නැතිනම් 6ක්ද යන්න පිළිබඳවද පසුගිය කාලයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසනු ලැබීය.
එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් ජනපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බව තීරණය කළේය.
19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතවූයේ මන්ත්‍රීවරු 212කගේ ඡන්දයෙනි. ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 10 දෙනෙකු සභා ගැබෙහි නොසිටි අතර එක් මන්ත්‍රීවරුයෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී ඇත.
ජනපතිට බැරි බව ප්‍රතිභා කියයි !
මේ අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මාධ්‍යට පවසා ඇත්තේ ද, ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි අගමැතිවරයා ධූරයෙන් ඉවත් කළ නොහැකි බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය සිදුකිරීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි කියා සිටින ඔහු අගමැතිවරයා ධූරයෙන් ඉල්ලා නොවන අවස්ථාවක එසේ ඉවත්කිරීමක් දැන් සිදු කළ නොහැකි යැයි ද අවධාරණය කර සිටී.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ආසාදිතයන් 2000 සීමාවේදී රට විවෘත කල හැකියි.. පාසැල්ද අරඹිය හැකියි…

Shiran Viraj

ඉන්දික බණ්ඩාරනායක නිකවැරටිය ආසන සංවිධායක ධුරයට පත් කරයි

Shiran Viraj

ජනාධිපති වෙන්න ගිය විජේදාස පොහොට්ටුවෙන් නෙරපයි..

Shiran Viraj
Translate »