28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

පිලියන්දල වෙඩි ප‍්‍රහාරයට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාවත් සම්බන්ධයි

මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගි වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසකට පිලියන්දල ප‍්‍රදේශයේදී ඉකුත්දා එල්ලවූ වෙඩි ප‍්‍රහාරයට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාවේ ද සම්බන්ධයක් ඇත්දැයි පොලිසිය සැක පල කරනවා.
ඊට හේතු වී ඇත්තේ වෙඩි ප‍්‍රහාරයට ලක්වූ නිලධාරීන් අතරට මෙරට මෙන්ම ජාත්‍යත්තර මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ද කැපී පෙනෙන සේවාවක් සිදු කළ නිලධාරීන් ඇතුළත්ව සිටීමයි.
එහිදී බරපතල තුවාල ලැබූ පොලිස් පරීක්ෂක නියුමාල් රංගජීවගේ මැදිහත්වීම මත මීට පෙර සිදු කළ වැටලීම්වල දී හෙරොයින් සහ කොකේන් කිලෝග‍්‍රෑම් 2600ක් පමණ අත්අඩංගුවට ගැණුනා.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 37 දෙනෙකුට අධිකරණය ක‍්‍රියාමාර්ග ඔස්සේ මරණ දඬුවම ලබාදී ඇති අතර 60කට ආසන්න පිරිසකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ද නියම වී තිබෙනවා.
මීට අමතරව මෙම ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වු පොලිස් කොස්තාපල් චන්දිම අබේවික‍්‍රම ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සිටි දක්ෂතම නිලධාරියෙකු බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
වසර 15ක සේවා කාලය තුළ ඔහු 112 වතාවක් ප‍්‍රශංසාවට ලක්වූ අයෙක්.
ඒ අනුව දිගින් දිගටම සිදු වූ වැටලීම් හේතුවෙන් මෙරට තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ක‍්‍රියාත්මක මත්ද්‍රව්‍ය මාෆියාවට දැඩි තර්ජනයක් එල්ල වී තිබූ බවටයි සැලකෙන්නේ.
ඉකුත්දා සිදු වූ මෙම වෙඩි තැබීම සිදු කළ බවට සැක කරන්නේ පාතල සාමාජිකයෙකු වන මධූෂ් නමැත්තායි.
මෙරට තුළ ක‍්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමේ ප‍්‍රධාන සාමාජිකයෙකු වන ඔහු මේ වනවිට විදෙස්ගතව සිටින බවට විශ්වාස කෙරෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ තවදුරටත් විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුගේ දල ඡායාරූප ඊයේ මාධ්‍යයට ද නිකුත් කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

එජාප-ශ‍්‍රීලනිප පුංචි පිට්ටනිකාරයින්ට මහින්නානන්ද ගැටඹේ-කැම්බල් චක්කරයෙන් ගෝල්ෆේස් ජනසයුර සාධනය කරන පෙන්වයි.. [Video]

Shiran Viraj

මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…

Shiran Viraj

පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී.. ඔත්තුකරුවන් දෙදෙනකු ලවා බොරු කියවලා….

Shiran Viraj
Translate »