26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

අකර්මණ්‍ය වූ හදවතක් පැයක් තුල යළි පණ ගැන්වීමට හැකි වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයි

COVID-19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208 ක පැතිර ගොස් ඇත.

මෙය බෝවන රෝගයක් වීම හේතුවෙන් වෛරසයට ගොදුරු වන ජනතාවට ප්‍රතිකාර හා සත්කාර සේවාවන් සිදු කරන වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල අභියෝගයට මුහුණ දෙනු ලබයි.

මෙම අභියෝගය ජය ගැනීම සඳහා අප රට තුල මෙන්ම ලොව පුරා නවීන තාක්ෂණික වෛද්‍ය මෙවලම් නිර්මාණය කිරීමට බොහෝ දෙනා කටයුතු කිරීම ද මේ වන විට දක්නට ලැබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් සහ වෙනත් අයුරකින් අකර්මණ්‍ය වූ හදවතක් පැයක් වැනි කාලයක් තුල නැවත පණ ගැන්විය හැකි පරිදි තෙරපුම් බලය ලබාදිය හැකි නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණයක් (CPR Machine)කොළඹ වෛද්‍ය පීඨයේ  අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකු වන ඩිල්ෂාන් අබේවර්ධන මහතා විසින් නිපදවා ඇත.

එම වෛද්‍ය උපකරණය අද(20) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත හදුන්වාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

මෙම අවස්ථාවට අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු නිලධාරින් පිරිසක් ඒකවිය.

lanka lead news

Related posts

යාපනය බලකොටුවේ හමුදා කඳවුරු එපා

Shiran Viraj

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට ගිය ක‍්‍රීඩිකාවක් හා නිලධාරියෙක් එංගලන්තයේදී පනී.. තවත් පනී යයි පාස්පෝට් එකතු කර ගනී..

Shiran Viraj

නව කැබිනට් ලේකම්වරුන් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න..

Shiran Viraj
Translate »