mediahumanrights.lk
NewsPolitical

මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

මාර්තු මස 02 වෙනිදා සහ 06 වෙනිදා අතර කාල සීමාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සදහන් කරනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹදී අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනය සම්බන්ධයෙන් තමන් දන්නා බවත් මේ අවස්ථාවේදී එය හෙළි කිරිම සුදුසු නොවන බවයි මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ අතර රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකවී ඇති බව අමාත්‍යවරයා කියා සිටියා. අමාත්‍යවරයා කියා සිටියේ මුලතිව්, කිළිනොච්චි, කුරුණෑගල, පුත්තලම, යාපනය, අනුරාධපුරය, මන්නාරම, ත්‍රිකුණාමලය, වව්නියාව සහ අම්පාර යන දිස්ත්‍රික්කයන් වලින් රජය විසින් රුපියල් මිලියන 260ක් වියදම් කොට වී මෙට්ට්‍රික් ටොන් 5217ක් මේ වන විට රජය මිලදී ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියා.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම මේ සතියේ ආරම්භ කරන බවත් ඊට අමතරව වන්නියේ අත්හැර දමා තිබුණු කුඹුරු යුද්ධයෙන් පසු පළමු වරට අස්වැද්දීමෙන් අනතුරුව අස්වනු නෙලීම දැන් ආරම්භවී තිබෙන බැවින් ඒ වී මිලදී ගැනීමටද අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ස්ථාවර මිලකට වී මිලදී ගැනීම නිසා ගොවීන්ට එහි ප්‍රතිලාභ ලැබෙන බවත් ඒ වගේම ජනතාවට රුපියල් 100 කට අඩු මිලකට සහල් කිලෝවක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

උමාඔය යනු අයිය-මල්ලි සමාගමේ මහා මංකොල්ලයයි

Shiran Viraj

ගොඩබිමට ගෙන එන්නත් කලින් මීගමුවේදී රුපියල් කෝටි දෙකකට අලෙවි වූ අති දුර්ලභ මත්ස්‍යයා (PHOTOS)

Shiran Viraj

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Shiran Viraj
Translate »