28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
NewsSportsSports News

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් දෙදෙනෙකුට ඩෙංගු

ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලූ රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ල, සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයට කී‍්‍රඩා කිරීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුට ඩෙංගු උණ වැළදීම හේතුවෙන්.

කොදෙව් තරගාවලිය සඳහා කී‍්‍රඩකයින් විසිදෙනෙකුගෙන් යුත් ශී‍්‍ර ලංකා සංචිතයක් නම් කළ අතර නිරෝෂන් දික්වැල්ල ද ඊට ඇතුළත්ව සිටිනවා. ඉකුත් 12 වැනිදා සිට එම සංචිතය කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේ පුහුණුවීම්වල නිරත වූ අතර නිරෝෂන් දික්වැල්ල ද ඊට එක්වුණා.

කෙසේ වෙතත් කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භයට දින කිහිපයක්ව තිබියදී දික්වැල්ලට ඩෙංගු උණ වැළදීම නිසා ඔහුට අවසන් පුහුණුවීම්වලට එක්වීමද අහිමි වී තිබෙනවා.

ඉකුත් වසරේ මාර්තු මාසයෙන් පසු මේ දක්වා නිරෝෂන් දික්වැල්ලට ශී‍්‍ර ලංකා එක්දින පිලේ ස්ථානයක් හිමිකර ගැනීමට අවස්ථාව හිමිනොවීමද විශේෂත්වයක්.

මේ අතර තුන් ඉරියව් කි‍්‍රඩක කමිදු මෙන්ඩිස්ද ඩෙංගු උණ රෝගයෙන් පෙළෙන අතර ඔහුද මේ වන විට ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන තරගය අද

Shiran Viraj

පාම් ඔයිල් තහනම ඉවත් කරන්න කියයි..

Shiran Viraj

ආපදා සහනාධාර බත් පාර්සලවල පෞද්ගලික විස්තර මුද්‍රණය කිරීම ගැන චෝදනා

Shiran Viraj
Translate »